සේවක විරෝ­ධ‍යෙන් බංග්ලා­දේ­ශයේ ගාමන්ට් 45ක් දින නිය­ම­ය­කින් තොරව වසා දමයි

වැඩි වැටුප් සහ තවත් ඉල්ලීම් රැස­කට විස­ඳුම් ලබා දෙන ලෙස සේවක සේවි­කා­වන් ආරම්භ කළ විරෝ­ධතා හේතු­වෙන් බංග්ලා­දේ­ශයේ ඩැකා අග­නු­වර තදා­සන්න ප්‍රදේ­ශ­වල පිහිටි ඇඟ­ලුම් ආය­තන 45ක් දින නිය­ම­ය­කින් තොරව වසා දැමී­මට පාල­නා­ධි­කා­රිය පිය­වර ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඇඟ­ලුම් ආය­තන හිමි­ක­රු­වන් මේ තීර­ණය ගෙන ඇත්තේ නීති විරෝධී වැඩවර්ජන, විරෝ­ධතා සහ ප්‍රචණ්ඩ ක්‍රියා වර්ධ­නය වීම හේතු­වෙන් බව  එරට මාධ්‍ය වාර්තා කළේය. වසර 2006 බංග්ලා­දේශ කම්කරු පනතේ නීති ප්‍රකා­රව ඇඟ­ලුම් ආය­තන වසා දැමීම හේතු­වෙන් එම කාලය තුළ සේව­ක­යන්ට වැටුප් නොලැ­බෙන බව ද වාර්තා වේ.  මේ අතර එම ප්‍රදේ­ශයේ තවත් ඇඟලුම් ආය­තන 25කට ඊයේ නිවාඩු දින­යක් ප්‍රකා­ශ­යට පත් කිරී­මට එහි පාල­නා­ධි­කා­රිය පිය­වර ගෙන ඇතැයි වාර්තා වේ.