අමෙරිකාවේදී ගුවන් යානා දෙකක් ගැටෙයි

අමෙරිකාවේ ඇට්ලන්ටා ගුවන් තොටුපළේදී ගුවන් යානා දෙකක් ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

ටෝකියෝ බලා පිටත්ව යාමට නියමිත වූ ගුවන් යානයක් ඊට යාබදව නවත්වා තිබූ තවත් ගුවන් යානයක ගැටීමෙන් එම අනතුර සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

කෙසේවෙතත් මෙම අනතුරින් කිසිවෙකුටත් හානියක් සිදුව නැහැ.

අදාළ අනතුරින් ගුවන් යානා දෙකමට අලාභ හානි සිදුව තිබෙනවා.