ඡන්ද වැඩට RMV ප්‍රධාන කාර්යා­ලය 20 දා වසා තබයි

නාර­හේ­න්පිට පිහිටි මෝටර් රථ ප්‍රවා­හන දෙපා­ර්ත­මේ­න්තුවේ ප්‍රධාන කාර්යා­ලය ලබන 20 වැනිදා සාමාන්‍ය රාජ­කාරි සඳහා වසා තැබී­මට තීර­ණය කර තිබේ.

ලබන 21 වැනිදා පැවැ­ත්වෙන ජනා­ධි­ප­ති­ව­ර­ණය සඳහා එම කාර්යා­ලය ඡන්ද මධ්‍ය­ස්ථා­න­යක් ලෙස ප්‍රකා­ශ­යට පත් කර ඇති බැවින් එම තීර­ණය ගෙන ඇති බව මේ සම්බ­න්ධ­යෙන් මෝටර් රථ ප්‍රවා­හන දෙපා­ර්ත­මේ­න්තුව මඟින් කළ නිවේ­ද­න­යක දක්වා ඇත.

ඒ අනුව මැති­ව­රණ කට­යුතු බාධා­ව­කින් තොරව පව­ත්වා­ගෙන යෑමට පහ­සු­කම් සැල­සීම් සඳහා ලබන 20 වැනිදා සාමාන්‍ය රාජ­කාරි සිදු නොක­රන බව මෝටර් රථ ප්‍රවා­හන දෙපා­ර්ත­මේ­න්තුව මඟින් නිකුත් කළ එම නිවේ­ද­නයේ වැඩි­දු­ර­ටත් සඳ­හන්ය.