පාණදුර වෙරළට බෙලිඇණයෝ තොගයක්

බෙලිඇණයා (Barnacle) නමින් හඳුන්වනු ලබන මුහුදු ජීවීන් විශාල පිරිසක් පාණදුර මුහුදු වෙරළට ඊයේ (10) ගොඩගසා තිබුණේ මෙලෙසිනි. එසේ ගොඩට පැමිණි මුහුදු ජීවීන් ලී කොට කිහිපයක රැඳී සිටි අතර, වෙරළට පැමිණෙන පිරිස් ඔවුන් දැකබලාගැනීමට රැස්ව සිටියහ. Anatifera නමැති විද්‍යාත්මක නාමයෙන් හඳුන්වනු ලබන එම මුහුදු ජීවින් ස්පාඤ්ඤයේ ජනප්‍රිය ආහාරයක් බවද ජලයේ අපවිත්‍ර වීමත් සමඟ මේ මුහුදු ජීවීන් වෙරළට පැමිණෙන බවද සඳහන් වේ.