ඇඹිලිපිටිය ප්‍රා. සභාවට උවිඳු විජේවීර අද නාමයෝජනා දෙයි

ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතාගේ පුත් උවිදු විජේවීර මහතා ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාව සඳහා දෙවන පරපුර දේශපාලන ව්‍යාපාරයෙන් ඇප හා නාමයෝජනා අද (10) දිනයේ භාර දීමට සූදානම් වේ. ඒ මහතා ගාල්ල නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරයාගෙන් තම පක්ෂය සඳහා නාමයෝජනා හා ඇප තැන්පත් කිරීමට අදාළ ඉල්ලුම්පත් ඊයේ (09) ලබා ගත්තේය.