ඇල්පිටියේ නාමයෝජනා භාරගැනීම අද සිට

ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමට අදාළ නාමයෝජනා භාරගැනීම අද (09) සිට ආරම්භ වනවා.

ඒ අනුව අද සිට ලබන 12 වනදා මධ්‍යහ්න 12.00 දක්වා ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී නාමයෝජනා භාරගැනීමේ කටයුතු සිදුකෙරෙන බවයි මැතිවරණ කොමිසම සඳහන් කළේ.