ජනපති හමුවූ දෙමළ ආණ්ඩු පක්ෂයේ නියෝජිත පිරිස

ශ්‍රී ලංකා දෙමළ ආණ්ඩු පක්ෂයේ නියෝජිත පිරිසක් හා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් පවත්වා තිබෙනවා.

මෙම හමුව යාලි ප්‍රදේශයේදී පවත්වා ඇති බව සඳහන්.

මේ සඳහා පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී ශ්‍රී ලංකා දෙමළ ආණ්ඩු පක්ෂය නියෝජනය කරමින් තරඟ කළ පිරිසක් සහ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් පිරිසක් මෙන්ම ශ්‍රී ලංකා දෙමළ ආණ්ඩු පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජාගේ පුත් කලයිමුදන්, ගුණාලන් යන අය සහභාගී වී තිබෙනවා.

එම රැස්වීමේදී ප්‍රදේශයේ සංවර්ධනය පිළිබඳව සවිස්තරාත්මක සාකච්ඡාවක් සිදු වූ බවත්, විශේෂයෙන් සවාගචේරිය වෙනම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක් බවට පත් කිරීම සම්බන්ධයෙන් යෝජනා ඉදිරිපත් වී ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේවෙතත් ශ්‍රී ලංකා ද්‍රවිඩ ආණ්ඩු පක්‍ෂය සජිත් ප්‍රේමදාස මහතාට සහය පළ කරන බව ප්‍රකාශ කර තිබුණද එම පක්‍ෂයේ පිරිස ස්වාධීන අපේක්‍ෂකයකු ලෙස ඉදිරිපත්ව සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාද හමුවී සාකච්ඡා කොට තිබෙනවා.

මේ අතර ජනාධිපතිවරයා සහ ශ්‍රී ලංකා තමිල් රසුක් පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා අතර හමුවක්ද යාපනයේ කාංගසන්තුරේ පිහිටි ඔහුගේ නිවසේදී පවත්වා ඇති බව සඳහන්.