ජර්මනියේ මැතිවරණ ඉතිහාසයේ වෙනසක්

ජර්මනියේ ප්‍රාන්ත මැතිවරණයකදී අන්ත දක්ෂිනාංශික “Alternative for Germany (AfD)” පක්ෂය ඓතිහාසික ජයග්‍රහණයක් වාර්තා කරමින් පවතින බව වාර්තා වනවා.

විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ අදාළ පක්ෂය සංක්‍රමණිකයින්ට විරෝධය දක්වන දැඩි මතධාරී දේශපාලන ප්‍රවාහයක් වන බවයි.

ඒ අනුව මෙම පක්ෂය ජයග්‍රහණය කළහොත් මෙය අන්ත දක්ෂිනාංශික දේශපාලන පක්ෂයක් දෙවැනි ලෝක යුද්ධයෙන් අනතුරුව ප්‍රාන්තයක මැතිවරණ ජයක් ලබාගන්නා පළමු අවස්ථාව ලෙස ඉතිහාස ගතවනවා.

එරට ජනගහනය වැඩියෙන් සටින ප්‍රාන්තයක් වන Saxomy හි පැවති මැතිවරණයකදී AfD පක්ෂය දෙවන ස්ථානයට පත්ව තිබුණා.