ටස්මේනියාවට විදුලිය විසන්ධි වෙයි

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ ටස්මේනියා ප්‍රාන්තයේ දස දහස් ගණනකට විදුලිය විසන්ධි වී තිබෙනවා.

දින කිහිපයක සිට අධික සුළං සමග පවතින වර්ෂාපතනය හේතුවෙන් මෙම තත්ත්වය උද්ගත වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඒ අනුව ටස්මේනියා හි 30,000කට අධික පිරිසකට විදුලිය විසන්ධි වී තිබෙනවා.

මේ හේතුවෙන් ඔවුන්ගේ දෛනික ජන ජීවිතයට ද බාධා එල්ල වී ඇති අතර ගංවතුර පිළිබඳ අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කිරීමටද බලධාරීන් පියවර ගෙන ඇති බව සඳහන්.

ඒ අනුව අවදානම් තත්ත්වයේ සිටින පිරිස් ආරක්‍ෂිත ස්ථාන කරා යොමු කරවීමට ද පියවර ගෙන තිබෙනවා.

එමෙන්ම ආපදාවන්ගෙන් පීඩාවට පත්වූවන් සඳහා සහන සැලසීමට සහන කණ්ඩායම් යොදවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.