වර්ණවත් සමාරම්භක උත්සවයකින් ඇරඹුණු පැරිස් පැරා ඔලිම්පික් උළෙල

2024 පැරා ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ ආරම්භ කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් තේජාන්විතව ප්ලේස් ඩි ලා කොන්කෝඩ් වෙත පෙළපාළියකින් පැමිණ තිබෙනවා.

ඔලිම්පික් ක්‍රීඩා උළෙල මෙන්ම, පැරාලිම්පික් සමාරම්භක උත්සවය ද ප්‍රංශ අගනුවර ක්‍රීඩාංගණයකින් පිටත පවත්වා ඇත්තේ පළමු වරට වීම විශේෂත්වයක්.

65,000 ක පිරිසක් මෙම සමාරම්භක උත්සවය නැරඹීමට පැමිණෙනු ඇතැයි සංවිධායකයින් ඇස්තමේන්තු කර තිබුණා

ප්‍රධාන උත්සවය ප්ලේස් ඩි ලා කොන්කෝඩ් (Place de la Concorde) හි පැවති අතර, Arc de Triomphe හි සිට ඇවනියු ඩෙස් චැම්ප්ස්-එලිසීස් (Avenue des Champs-Elysees) දිගේ පැමිණි පෙළපාලිය ප්‍රේක්ෂකයන්ට නොමිලේ නැරඹීමට අවස්ථාව ලබා දී තිබුණා

පැරා ඔලිම්පික් ක්‍රීඩා 22ක් සඳහා කණ්ඩායම් 168කින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 4400 ක් පමණ සහභාගි වීමට නියමිතයි

මෙහිදී සමස්ත රන් පදක්කම් 549 ක් සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් දින11 ක් පුරා පැරා ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ තරග කිරීමටයි නියමිතව ඇත්තේ

මේ අතර ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 08 දෙනෙකු ද පැරා ඔලිම්පික් උලෙළ සඳහා සහභාගී වනවා