ඉන්දීය නාවික යුධ නෞකාව දිවයිනෙන් පිටව යයි

ශ්‍රී ලංකා සංචාරය අවසන් කරමින් ඉන්දීය නාවික හමුදාවේ ඉදිරිපෙළ යුධ නෞකාව වන INS මුම්බායි, දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා.

නාවික සාම්ප්‍රදායානුකූලව එම නෞකාවට සමුදී ඇති අතර මෙරට සිටි කාලය තුළ එහි කාර්ය මණ්ඩලය විසින් අභ්‍යාස ක්‍රියාකාරකම්වල ද නිරත වූ බවයි නාවික හමුදාව සඳහන් කළේ.

ඊට අමතරව නෞකා කාර්ය මණ්ඩල සාමාජිකයින් දිවයිනේ සංචාරක ආකර්ෂණ ස්ථාන කිහිපයක ද නිරීක්ෂණයේ නිරත වී තිබෙනවා.

INS මුම්බායි යනු ඉන්දීය නාවික හමුදාව සතුව පවතින විනාශකාරී යාත්‍රා අතරින් තෙවැන්න ලෙස සැලකෙන අතර එය එරටදී නිෂ්පාදනය කර 2001 වසරේදී නාවික හමුදාව සඳහා එක් කර තිබෙනවා.

එම නෞකාව මෙරටට පැමිණෙන පළමු අවස්ථාව මෙය වනවා.