ඇෆ්ගනිස්ථානයේ භූකම්පනයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා
අද (29) පෙරවරුවේ බලපෑ රික්ටර් මාපකයේ ඒකක 5.7ක ප්‍රබලත්වයෙන් යුතු එම භූකම්පනය ජම්මු සහ කාශ්මීරය සහ දිල්ලි ඇතුළු උතුරු ඉන්දියාවේ ප්‍රදේශවලට ද දැනී තිබූ බවයි එම වාර්තාවල දැක්වෙන්නේ
භූ කම්පන විද්‍යාව පිළිබඳ ජාතික මධ්‍යස්ථානය (NCS) පැවසුවේ භූමිකම්පාව කිලෝමීටර් 255 ක් ගැඹුරින් සිදුව ඇති බවයි.