“රනිල් සමඟ රට දිනවන වසර පහක්” ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදකී

ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් ස්වාධීන අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ “රනිල් සමඟ රට දිනවන වසර පහක්” ප්‍රතිපත්ති ප්‍රකාශය අද (29) පෙරවරුවේ එළි දැක්වුණා

එම ප්‍රතිපත්ති ප්‍රකාශය www.ranil2024.lk වෙබ් අඩවිය ඔස්සේයි එළිදැක්වීම සිදු කෙරුණේ

ඒ අනුව පස් අවුරුදු සැළැස්මේ ප්‍රමුඛතා ලෙස ජීවන බර අඩු කිරීම, රැකියා ලබා දීම, බදු සහන ලබා දීම, ආර්ථික ප්‍රවර්ධනය සහ උරුමය හා අස්වැසුම වැඩසටහන් ක්‍රියාත්මක කිරීම පෙන්වා දී තිබෙනවා

එහි පළවෙනි අදියර ලෙස රැකියා ආදායම් මාර්ග 100,000ක් ලබාදීමට පියවර ගන්නා බවයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීමේ අවස්ථාව අමතමින් වැඩිදුරටත් කියා සිටියේ