තලාවේ වෙඩි තැබීමක්

තලාව, මැදගම ප්‍රදේශයේ පුද්ගලයෙකු වෙඩි වැදීමකින් තුවාල ලබා අනුරාධපුරය රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා

පොලිසිය පැවසුවේ ඊයේ (28) රාත්‍රියේ පොලිසියට ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර ඇති බවයි

වෙඩි වැදීමෙන් තුවාල සිදුව ඇත්තේ වරාගොඩ, තලාව ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි පුද්ගලයෙකුටයි

මෙම තුවාලකරු තම මස්සිනා සමග පොල් වගා කර ඇති ඉඩම තුල ගමන් කරමින් සිටියදී පොල්වගා කර ඇති ඉඩමකට ජලය ලබා ගන්නා බට සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් යාබද ඉඩමේ හිමිකරු විසින් මෙරට නිෂ්පාදිත ගිනි අවියකින් වෙඩි තබා ඇති බවටයි සිදු කරන ලද විමර්ශණයේදී අනාවරණය වී ඇත්තේ

වෙඩි තැබීම සිදුකල සැකකරු ප්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා තලාව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබන බව සඳහන්