කුසල් වෙනු­වට පැතුම් නිශ්ශංක වසර අට­කට පසු ශ්‍රී ලංකා පිල අද ලෝඩ්ස් පිටි­යට බසී

එංග­ල­න්ත­යට එරෙ­හිව අද (29) ලෝඩ්ස් පිටියේ ටෙස්ට් තර­ග­ය­කට එක්වන ශ්‍රී ලංකා පිලට තර­ගා­ව­ලියේ පළමු වතා­වට පැතුම් නිශ්ශංක කැඳවා තිබේ. 2022 වසරේ ජූලි මස ඔස්ට්‍රේ­ලි­යා­වට එරෙ­හිව ගාල්ල ජාත්‍ය­න්තර ක්‍රීඩාං­ග­ණ­යේදී සිය අව­සන් ටෙස්ට් තර­ග­යට ක්‍රීඩා කළ පැතුම් අද ලෝඩ්ස් ටෙස්ට් තර­ග­යට එක් කර ඇත්තේ ලකුණු අතර නොසි­ටින අංක 3 පිති­කරු කුසල් මෙන්ඩිස් වෙනු­ව­ටය. දෙපිල අතර මැන්චෙ­ස්ටර් නුවර පැවති පළමු ටෙස්ට් තර­ග­යේදී පළමු ඉනිමේ ලකුණු 24ක් රැස් කළ කුසල් දෙවැනි ඉනිමේ දැවී ගියේ ලකුණු නොල­බාය. ඔහු දෙවැනි ටෙස්ට් තර­ග­යට සහ­භාගිවීම අවි­නි­ශ්චිත තත්ත්ව­යක පව­තින බවට පසු­ගිය දින කිහි­ප­යේ­දීම තොර­තුරු වාර්තා වූ අතර, එය තහ­වුරු වූයේ ඊයේ පස්ව­රු­වේ­දීය.

ශ්‍රී ලංකා පිල ලෝඩ්ස් පිටියේ ටෙස්ට් තර­ග­ය­කට සහ­භාගි වන්නේ වසර අට­කට පසු­වය. අව­සන් වරට 2016 ජූනි මාස­යේදී දෙපිල අතර ලෝඩ්ස් පිටියේ පැවැති ටෙස්ට් තර­ගය ජය ­ප­රා­ජ­යෙන් තොරව නිමා­වට පත්වු­වද, ඒ වන­ වි­ටත් පළමු තරග 2ම ජය­ ගෙන සිටි සත්කා­රක එංග­ල­න්තය 2-0කින් තර­ගා­ව­ලිය ජය­ ග­ත්තේය. දෙපිල අතර පසු­ගි­යදා මැන්චෙ­ස්ටර් නුවර පැවති පළමු ටෙස්ට් තර­ග­යෙන් කඩුලු 5ක ජයක් වාර්තා කළ එංග­ලන්ත පිල අද ඇර­ඹෙන දෙවැනි තර­ගයේ එවැ­නිම තර­ගා­වලි ජයක් අපේ­ක්ෂා­වෙන් පසු­වන්නේ එය ඔවුන්ට ලෝක ටෙස්ට් ශූර­තා­ව­ලියේ ද ඉදි­රි­යට යෑමට ඉව­හල් වන බැවිනි.

සත්කා­රක එංග­ලන්ත පිලේ අපේ­ක්ෂාව එය වූවද පළමු තර­ගයේ දෙවැනි ඉනි­මේදී පිති­ක­රු­වන් දැක්වූ දස්කම් අද තර­ග­යේදී ශ්‍රී ලංකා පිලේ වාසි­යට හේතු­වනු ඇතැයි විචා­ර­කයෝ කියති. අනිත් අතට මැන්චෙ­ස්ටර් තර­ගයේ දෙවැනි ඉනි­මේදි රැස් කළ අගනා ශත­කය හේතු­වෙන් කෝඩු­කාර යොවුන් පිති­කරු කමිඳු මෙන්ඩිස් ප්‍රති­වා­දීන්ට දැඩි අභි­යෝ­ග­යක් එල්ල වන ආකා­රයේ තුරු­ම්පු­වක් බවට පත්වී ඇත. එංග­ලන්ත පිලේ ප්‍රබ­ල­තම පන්දු යව­න්නන් අස­රණ කර­මින් කමිඳු මෙන්ඩිස් රැස් කළ ශත­කය පිළි­බඳ එංග­ල­න්තයේ ක්‍රිකට් විචා­ර­ක­ය­න්ගේද අව­ධා­නය යොමුවී ඇති අතර, එම ශත­ක­යෙන් පසු ඔහුගේ ටෙස්ට් ලකුණු ලැබීමේ සාමා­න්‍යය 92.16ක් විමත්, ටෙස්ට් පිටියේ ලකුණු 500ට වඩා රැස් කර ඇති පිති­ක­රු­වන් අතර එවැනි සාමාන්‍ය ලකුණු ලැබී­මත් වාර්තා කර සිටින ලොව දෙවැනි පිති­කරු ඔහු වීමත් එංග­ලන්ත විචා­ර­ක­යන් අතර කතා­බ­හට ලක් වී තිබේ. 25 හැවි­රිදි මේ වමත් පිති­ක­රුවා තව­මත් ක්‍රීඩා කර ඇත්තේ ටෙස්ට් තරග 4කට පමණි. මුළු ලකුණු 553ක් ලබා සිටින ඔහු ක්‍රීඩා කළ ඉනිම් 7 අතර ශතක 3ක් සහ අර්ධ ශතක 2ක් ද වේ.

පළමු තර­ග­යේදී පළ­පු­රුදු පිති­ක­රු­වන් වන ඇන්ජෙලෝ මැතිව්ස් සහ දිනේෂ් චන්දි­මාල් අගනා අර්ධ ශතක වාර්තා කිරී­මත් නිසා ආර­ම්භක පිති­ක­රු­වන්ගේ තත්ත්වය කෙසේ වුවද, මැද­පෙළ සාර්ථ­කව ලකුණු අත­රට පිවි­සීම නායක ධනං­ජය ද සිල්වාගේ මෙන්ම ප්‍රධාන පුහු­ණු­කරු සනත් ජය­සූ­රි­යගේ ද අස්වැ­සි­ල්ලට හේතු වී තිබේ. පැතුම් නිශ්ශං­කගේ එක්වී­මත් සමඟ අද තර­ග­යේදී ආර­ම්භක පිති­ක­රු­වන්ගේ සම්බ­න්ධ­තාව යහ­පත් ප්‍රති­ඵල අත්කර දෙනු ඇතැයි විශ්වා­සය වී තිබේ. පිති­ක­රු­වන්ගේ වෙනස්වීමට අම­ත­රව පන්දු යැවීමේ අංශයේ ද එක් වෙන­ස්ක­මක් සිදු කර කර­මින් පළමු තර­ග­යට ක්‍රීඩා කළ විශ්ව ප්‍රනාන්දු වෙනු­වට අද තර­ග­යට ළහිරු කුමාර කැඳවා තිබේ.

එංග­ලන්ත කණ්ඩා­යමේ ප්‍රබල පන්දු යව­න්නකු වන මාක් වුඩ් පාදයේ ආබා­ධ­ය­කට ලක්වීම හේතු­වෙන් වමත් වේග­පන්දු යවන ජොෂ් හල් අද තර­ග­යට එක්වෙයි. 20 හැවි­රිදි මේ යොවුන් පන්දු යවන්නා එංග­ල­න්තයේ ප්‍රාන්ත තර­ගා­වලි අතර කැපී පෙනෙන පන්දු යව­න්නෙකි. අඩි 6කුත්, අඟල් 7ක් උසැති වමත් පන්දු යව­න්න­කු­ගෙන් ඕනෑම කණ්ඩා­ය­ම­කට වාසි­දා­යක තත්ත්ව­යක් නිර්මා­ණය කර ගැනී­මට හැකි­යාව ඇතැයි පසු­ගි­යදා ඔහු ටෙස්ට් කණ්ඩා­ය­මට ඇතු­ළත් වීමෙන් පසු එරට ක්‍රිකට් විචා­ර­කයෝ අද­හස් පළ කළහ.

තර­ගා­ව­ලි­යෙන් 1-0කින් දැන­ට­මත් එංග­ල­න්තය ඉදි­රි­යෙන් සිටි­යද, අද තර­ගය ජය­ගැ­නීම හෝ ජය­ප­රා­ජ­යෙන් තොරව බේරා ගැනීම ශ්‍රී ලංකා කණ්ඩා­ය­මට ලබන සැප්තැ­ම්බර් 6 වැනිදා ඕවල් පිටි­යේදී ආරම්භ වන තුන්වැනි හා අව­සන් ටෙස්ට් තර­ග­යට පෙර ක්‍රීඩ­ක­යන්ගේ මාන­සික ඒකා­ග්‍ර­තාව ඉහළ නංවා ගැනී­මට ද එය රුකු­ලක් වනු ඇත.

අද තර­ග­යට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා පිල මෙසේය.

දිමුත් කරු­ණා­රත්න, නිෂාන් මධුෂ්ක, පැතුම් නිශ්ශංක, ඇන්ජෙලෝ මැතිව්ස්, දිනේෂ් චන්දි­මාල්, ධනං­ජය ද සිල්වා, කමිඳු මෙන්ඩිස්, ප්‍රභාත් නිශ්ශංක, අසිත ප්‍රනාන්දු, ළහිරු කුමාර සහ මිලාන් රත්නා­යක.