අස්වැ­සුම ප්‍රති­ලා­භී­න්ටත් සමාජ ආර­ක්ෂණ අර­මු­ද­ලට එන්න අව­ස්ථාව දෙනවා රාජ්‍ය අමැති ශෙහාන් සේම­සිංහ

අස්වැ­සුම ප්‍රති­ලා­භී­න්ටද සමාජ ආර­ක්ෂණ අර­මු­ද­ලට එක්වී­මට අව­ස්ථාව ලබා­දී­මට ජනා­ධි­ප­ති­ව­රයා විසින් අව­ස්ථාව ලබා දී ඇති අතර, මේ වසරේ සිට ලක්ෂ විසි හත­රක් දක්වා ප්‍රති­ලා­භීන් සංඛ්‍යා­වක් වෙනු­වෙන් රුපි­යල් බිලි­යන 205ක මුදල් වෙන්කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේම­සිංහ මහතා සද­හන් කළේය.

ඒ මහතා මේ අද­හස් ප්‍රකාශ කළේ පසු­ගි­යදා (27) අනු­රා­ධ­පු­ර­යේදී මාධ්‍ය වෙත අද­හස් දක්ව­මිනි.

එහිදී තව­දු­ර­ටත් අද­හස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේම­සිංහ මහතා මෙසේද පැව­සීය.

‘රටේ දුප්ප­ත්කම තුරන් කිරීම සඳහා විද්‍යා­ත්මක ක්‍රම­වේ­ද­යක් හරහා රජය ක්‍රියා­ත්මක කළ අස්වැ­සුම වැඩ­පි­ළි­වෙළ යටතේ උප­රි­මය මස­කට රුපි­යල් පහ­ළොස් දහස බැගින් ලක්‍ෂ දහ­අ­ටක් ප්‍රති­ලාභ ලබා­ග­නි­මින් සිටි­නවා. මේ වසරේ සිට ලක්ෂ විසි හත­රක් දක්වා ප්‍රති­ලා­භීන් සංඛ්‍යා­ව­කට ප්‍රති­ලාභ ලබා­දී­මට රජය තීන්දු කර තිබෙන අතර ඒ අනුව රුපි­යල් බිලි­යන දෙසිය පහක මුද­ලක් වෙන්කර තිබෙ­නවා. රටේ දිළිඳු පවුල් සවි­බ­ල­ගැ­න්වීම සඳහා වන සමාජ ආර­ක්ෂණ අර­මු­ද­ලට දාය­ක­ත්වය ලබා දී එම­ගින් අස්වැ­සුම ප්‍රති­ලා­භීන්ට ද ප්‍රති­ලාභ ලබා ගැනී­මට අව­ස්ථාව ලබා­දී­මට රජය කට­යුතු කර තිබෙ­නවා.’

‘මැති­ව­රණ ඉලක්ක කර­ගෙන සජිත් සහ අනුර ප්‍රකාශ කරන දේ සහ රජය විද්‍යා­ත්මක ක්‍රම­වේ­ද­ය­කට අනුව සිදු­ක­රන ප්‍රකාශ අතර විශාල වෙන­සක් පව­ති­නවා. දිළිඳු ජන­තාව වෙනු­වෙන් කිඹුල් කඳුළු සලන සජිත් හා අනුර රටේ ආර්ථික අර්බු­දය හමුවේ පලා ගියා. ඔවුන් ඉදි­රි­පත් කර ඇති ප්‍රති­පත්ති ප්‍රකා­ශය තුළ ලස්සන වචන හැරෙ­න්නට කිසිදු නැවුම් වැඩ­පි­ළි­වෙ­ළක් නැහැ. ඒ වගේම තමයි බහු පාර්ශ්වි­කව ලබා­ගත් ණය කිසිදු හිඟ­ය­කින් තොරව සියලු ගෙවීම් මේ වන විට සිදු­කළ අව­සන්. ද්වීපා­ර්ශ්වික ණය පම­ණක් ගෙවීම අත්හි­ටුවා තිබෙ­නවා.

අනුර සහ සජිත් රටේ අමා­රුම තත්ත්ව­යක් පව­තින මොහොතේ ද සිදු කරනු ලැබුවේ ආණ්ඩුවේ සහ ජනා­ධි­ප­ති­ව­ර­යාගේ වැඩ­පි­ළි­වෙළ කඩා­ක­ප්පල් කිරී­මට කට­යුතු කිරීම. ඒ නිසා ඔවුන්ට ජන­තා­ව­ගෙන් බලය ඉල්ලන්න සදා­චා­රා­ත්මක අයි­ති­යක් නැහැ. අනුර කුමාර දිසා­නා­යක මහතා ඉදි­රි­පත් කර ඇති ප්‍රති­පත්ති ප්‍රකා­ශ­නයේ උපා­ය­මා­ර්ගික කිසිදු වැඩ­පි­ළි­වෙ­ළක් පැහැ­දි­ලිව පෙනෙ­න්නට නැහැ.’