සාම විනි­සුරු පදවි ලබයි

ගම්පහ, ඉහළ ඉඹු­ල්ගොඩ, ඉඹු­ල්ගොඩ ලිපි­නයේ පදිංචි මද්දුම ආර­ච්චිගේ ප්‍රදීප් තිළිණ ජය­සේ­කර මහතා මුළු දිව­යි­න­ටම බල පැවැ­ත්වෙන පරිදි සමා­දාන විනි­ශ්ච­ය­කා­ර­ව­ර­යකු ලෙස ගම්පහ අති­රේක දිසා විනි­සුරු එම්.එස්. පින්කි මහ­ත්මිය හමු­වේදී දිවු­රුම් දුන්නේය.

ගම්පහ බණ්ඩා­ර­නා­යක විද්‍යා­ලයේ ආදි සිසු­වකු වන ඒ මහතා කැල­ණිය විශ්ව­වි­ද්‍යා­ලයේ සාමා­ජීය විද්‍යා පීඨයේ පරි­ග­ණ­කාං­ශයේ පරි­ග­ණක නිල­ධා­රි­යකු ලෙස කට­යුතු කරන අතර, අනු­රා­ධ­පුර සාම විහා­රයේ පව­ත්වන පොසොන් දන්සලේ සංවි­ධා­ය­ක­ව­ර­යකු ලෙස ද, ඉඹු­ල්ගොඩ නන්ද­නා­රාම විහා­ර­ස්ථා­නය සහ ගමේ පොදු කට­යු­තු­ව­ලදී මූලි­කව කට­යුතු කරන සමාජ සේව­ක­යෙකි.