මාලදිවයිනේ ජනපතිට එරෙහිව කුමන්ත්‍රණයක්?

මාලදිවයින් ජනාධිපති මොහොමඩ් මුයිසු බලයෙන් පහ කිරීමට එරට විපක්ෂය කුමන්ත්‍රණයක් දියත් කරමින් සිටින බවට වාර්තා පළව ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

මාලදිවයින් භාණ්ඩාගාරය සතු ඩොලර් සංචිත ප්‍රමාණයද අවසන් වෙමින් පවතින බවට මීට දින කිහිපයකට පෙර වාර්තා පළවූ පසුබිමකයි මෙවැනි තත්ත්වයක් වාර්තා වන්නේ.

එමෙන්ම මේ වන විට මාලදිවයින තුළ භාවිතා කළ හැකි ඩොලර් සංචිත ප්‍රමාණයද සෘණ අගයකට පැමිණ ඇති බවද ඇතැම් විදෙස් වාර්තාවල දැක්වෙනවා.

ඒ අනුව මෙම තත්ත්වය ඉදිරියේදී රට තුළ ඉන්ධන හිඟයක් ඇතුළු අර්බුද රැසකට මුල පුරනු ඇති බවටයි ඉඟි පළව ඇත්තේ.