මරදානේදී පුද්ගලයෙකු ඝාතනය කරයි

මරදාන දේවානම්පියතිස්ස මාවත ප්‍රදේශයේදී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා.

පෞද්ගලික ආරවුලක් දුරදිග යාම හේතුවෙන් ඊයේ (25) රාත්‍රී කාලයේදී එම ඝාතනය සිදුව ඇති බවයි පොලිසිය පැවසුවේ.

මෙම ඝාතනය සම්බන්ධයෙන් 19 හැවිරිදි වියේ පසුවූ වැලිමඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන තරුණයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.