හොරු අල්ලන්න ෆයිල් උස්සගෙන ආපු රතු සහෝදරවරු රටට කළේ කුමක්ද?

හොරු අල්ලන්න ෆයිල් උස්සගෙන ආපු රතු සහෝදරවරු රටට කළේ කුමක්දැයි සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා විමසයි. ෆයිල් උස්සගෙන ආපු රතු සහෝදරවරු කුමක්ද කරේ යැයි විමසා සිටි ඒ මහතා “මෙතෙක් කිසි දෙයක් නොකළ බවත් ෆයිල් උසස්ගෙන එනවා ඇවිත් පැමිණිල්ලක් දෙනවා දුෂණ විරෝධි එකට ඒත් එක්කම ෆයිල් එක වහලා දානවා” යැයිද කියා සිටියේය.

“රතු සහෝදරවරු බැරිවෙලා හරි ආණ්ඩුව ගත්තොත් ඉන්නවද මුදල් ඇමැති කෙනෙක්“ යැයිද හෙතෙම ප්‍රශ්න කර සිටියේය.

මහනුවර දිස්ත්‍රික්කය විශාල වශයෙන්ම සමඟි ජන බලවේගය වැඩිම ඡන්දයෙන් දිනන බව කී ඒ මහතා සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණ ජයග්‍රහනය කර ජනතාවට දුන් පොරොන්දු සියල්ල ඉටු කරන බව ද කියා සිටියේය.