ශ්‍රීලනිප පුත්තලම ආසන සංවිධායක බී.ඒ. නිමල් බමුණුආරච්චි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පුත්තලම ආසනයේ සංවිධායකවරයා ලෙස බී.ඒ. නිමල් බමුණුආරච්චි මහතා පත්කර තිබේ.

ඊට අදාළ පත්වීම ලිපිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් බමුණුආරච්චි මහතා වෙත පිරිනමන ලදි.

මේ අවස්ථාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක, භාණ්ඩාගාරික, රාජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න, හිටපු ඇමැති ජීවන් කුමාරතුංග මහත්වරු ද එක් වූහ.