බෙදෙනවා වෙනුවට එකතුවෙමු -සජිත්ගෙන් ඇරයුමක්

එකිනෙකා බෙදා වෙන් නොකොට එකමුතුව, සංහිඳියාව සහෝදරත්වය සහ මිත්‍රශීලීත්වය තුළ රටක් ලෙස සැමට ජයග්‍රහණය කළ හැකි බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කර සිටිනවා.

පසුගිය සමයේ ක්‍රියා කළ රජයන් ආගම, ජාතිය, භාෂාව සහ කුලය මූලික කරගනිමින් මේ රට ජන ජීවිතයට විශාල බලපෑම් එල්ල කළ බවයි ප්‍රේමදාස මහතා සඳහන් කර සිටියේ.

එමෙන්ම ජාතික අනන්‍යතාවය තුළින් ජාතිවාදය, ආගම්වාදය පසෙකලා මුස්ලිම් ජනතාවගේද අවශ්‍යතාවයන් වෙනුවෙන් සමගි ජන බලවේගය, සමඟි ජන සන්ධානයක් ලෙස මූලිකත්වය ගෙන කටයුතු කරන බවයි සජිත් ප්‍රේමදාස මහතා පවසා සිටියේ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ අකුරණ පැවති ජන රැලියක් අමතමින්.