පාකිස්තානයේ ආදායම් බදු දෙපාර්තමේන්තුව විසින් හඳුන්වා දී ඇති නව බදු යෝජනා ක්‍රමයට එරෙහිව ලබන 28 වැනිදා රට පුරා දැවැන්ත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට එරට ව්‍යාපාරිකයන් තීරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ටජීර් ඩොස්ත් නමින් හඳුන්වා දී ඇති එම බදු ක්‍රමය පිළිගත නොහැකි බවත්, වහාම එය නතර කරන ලෙසත් ඉල්ලා එරට වෙළෙඳ සංගම් ඒකාබද්ධ වැඩ වර්ජනය සිදු කිරීමට නියමිත බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.
ව්‍යාපාර හිමියන්ට සහ වැටුප් ලබන පුද්ගලයන්ට පනවා ඇති ඉහළ ආදායම් බදු එරට ජනතාව මේ වනවිටත් පීඩාවට පත්ව සිටින ආර්ථික අර්බුදය ඉහළ යෑමට හේතුවනු ඇතැයි ද, පවතින තත්ත්වය මත අගෝස්තු මස විදුලි බිල්පත් නොගෙවන බවට එරට සුළු ව්‍යාපාර හිමියන් රජයට දැනුම් දී ඇතැයි ද විදෙස් මාධ්‍ය සඳහන් කළේය.
මීට පෙර නගර 6කට පමණක් සීමා වූ අදාළ බදු ක්‍රමය මේ වන විට පාකිස්තානයේ තවත් නගර 40කට පමණ ව්‍යාප්ත කිරීම ගැන ව්‍යාපාර හිමියන් රජයට චෝදනා කළ බව ද වාර්තා වේ.