ජන­ප­ති­ව­රණ නිල ඡන්ද පත්‍රිකා බෙදා­හැ­රීම සැප්. 03 වැනිදා ඇරඹේ

ජනා­ධි­ප­ති­ව­ර­ණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා තැපෑ­ලට භාර ගැනී­මෙන් අන­තු­රුව ලබන සැප්තැ­ම්බර් 03 වැනි දා සිට ඒවා රට පුරා බෙදා­හැ­රී­මට 22000ක් වූ සියලු තැපැල් සේව­ක­ය­න්ගෙන් සැදු­ම්ලත් තැපැල් ජාලය සූදා­නම් බව එහි නියෝජ්‍ය තැපැ­ල්පති රාජිත කේ. රණ­සිංහ මහතා පව­සයි. දිස්ත්‍රික් මට්ට­මින් ඇති ප්‍රාදේ­ශීය තැපැල් කාර්යාල අධී­ක්ෂණ කට­යුතු භා නිල­ධා­රි­යාගේ අධී­ක්ෂ­ණය යටතේ ලබන සැප්තැ­ම්බර් 02 වැනි දින තැපැල් ඡන්ද ඇතු­ළත් රක්ෂිත පැකැට්ටු තෑපෑ­ලට භාර ­ගන්නා බවද හෙතෙම කියා සිටි­යේය.

තැපැල් ස්ථානා­ධි­ප­ති­ව­රුන්, ඉහළ නිල­ධා­රින්, තැපැල් සේව­ක­යන් කනිෂ්ඨ සේව­ක­යන් ඇතුළු 22000න් සැදු­ම්ලත් තැපැල් ජාලයේ සිටින සියලු සේව­ක­යන් දෛනික රාජ­කාරි කට­යු­තු­වල නිරත වෙමින් තැපැල් ඡන්ද පත්‍රිකා ඇතුළු ඡන්ද පත්‍රිකා බෙදා­හැ­රී­මට එක්වන බවද හෙතෙම පැව­සීය.

තැපැල් දෙපා­ර්ත­මේ­න්තුවේ ලිපි බෙදුම් කාර්ය මණ්ඩ­ලය 8000ක්, නිල­ධා­රීන් 4000ක් දෛනික රාජ­කා­රි­වල යෙදී සිටි­ය­දීම මේ කට­යුතු සඳහා යෙද­වී­මට සූදා­නම් බව ඒ මහතා පැව­සීය.

දැනට දිව­යින් පුරා ඇති තැපැල් කාර්යාල 653ක්, උප තැපැල් කාර්යාල 3335ක් ලිපි බෙදීම් කාර්යාල 2102ක් මේ සඳහා සූදා­නම් බවද හෙතෙම පැව­සීය.

තැපැලේ ඇති වාහන ඇණිය 200ක් බව කියා සිටි ඒ මහතා අව­ශ්‍ය­තාව මත මේ වාහන යොද­වන බවත් නිල ඡන්ද දැන්වීම් ප්‍රතිකා භාර­දුන් පසුව බාහි­රින් වාහන ගන්නා බවත් හෙතෙම වැඩි­දු­ර­ටත් පැව­සීය.

එමෙන්ම නිල ඡන්ද දැන්වීම් පත් නොලැබු ඡන්ද හිමි­යන්ට 2024 ඡන්ද­හිමි නාම­ලේ­ඛ­නයේ ලියා­ප­දිංචි ලිපි­න­යට අදාළ තැපැල් කාර්යා­ලය වෙත ගොස් ස්වකීය අන­න්‍ය­තාව ප්‍රකාශ කිරී­මෙන් අන­තු­රුව නිල ඡන්ද දැන්වීම් පත ලබා ගත හැකි බව මැති­ව­රණ කොමි­සම නිකුත් කළ නිවේ­ද­න­යක දක්වා ඇත.