SL vs ENG 1st Test: එංගලන්ත පළමු ඉනිම ලකුණු 358 කට සීමා වෙයි

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර පළමු ටෙස්ට් තරගයේ තෙවන දිනය අදයි.

ඒ අනුව සිය පළමු ඉනිම සඳහා පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 358 ක් රැස් කිරීමට සමත් වුණා.

පන්දුවට පහරදීමේදී Jamie Smith ලකුණු 111 ක් හා Harry Brook ලකුණු 56 ක් රැස් කිරීමට සමත් වුණා.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් අසිත ප්‍රනාන්දු කඩුලු 4 ක්, ප්‍රභාත් ජයසූරිය කඩුලු 3 ක්, විශ්ව ප්‍රනාන්දු කඩුලු 2 ක් හා මිලාන් රත්නායක එක් කඩුල්ලක් බිඳ හෙළීමට සමත් වුණා.

මේ වන විට එංගලන්ත කණ්ඩායම ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 112 ක් ඉදිරියෙන් සිටිනවා.