පලස්තීන තානාපතිවරයා අග්‍රාමාත්‍යවරයා සමඟ සමුගැනීමේ හමුවකට එක් වෙයි

පලස්තීන තානාපති ආචාර්ය සුහයිර් එම්. එච්. සයිඩ් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සමඟ සමුගැනීමේ හමුවකට එක්වී තිබෙනවා.

එහිදී පලස්තීනයේ වත්මන් තත්ත්වය පිළිබඳව ඔහු අග්‍රාමාත්‍යවරයා දැනුවත් කර ඇති බව සඳහන්.

ශ්‍රී ලංකාව තවදුරටත් පලස්තීන ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින බවයි අග්‍රාමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේ.