ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබලයෝ දෙදෙනෙක් රනිල්ගේ සහායට

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජ්‍යෙෂ්ඨ උප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අංගජන් රාමනාදන් මහතාගේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු වැඩ බලන මහ ලේකම් සාරතී දුෂ්මන්ත මහතාගේ සහාය, මෙවර ජනාධිපතිවරණයේදී ස්වාධීන අපේක්ෂකයෙක් ලෙස තරග කරන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදීමට තීරණය කර තිබෙනවා

ඒ අනුව ෆලවර් රෝඩ් හි ජනාධිපතිවරණ මෙහෙයුම් කාර්යාලයේදී, රනිල් වික්‍රමසිංහ මහතා හමුවී ජනාධිපතිවරණයේදී ඔවුන්ගේ සහය ලබා දෙන බවට ප්‍රකාශ කළා