මන්කිපොක්ස් ගැන සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නිවේදනයක්

ගුවන්තොටුපොළ මඟින් මෙරටට ඇතුළු විය හැකි මන්කිපොක්ස් රෝගීන් හඳුනා ගැනීම සඳහා දිවයිනම ආවරණය වන පරිදි ආරක්ෂක ක්‍රමවේදයක් ක්‍රියාත්මක කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි

නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය පාලිත මහීපාල සඳහන් කළේ ශ්‍රී ලංකාවේ  මන්කිපොක්ස් රෝගියෙක් හඳුනාගතහොත් ඒ සඳහා අවශ්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානය කොළඹ බෝනොවන රෝග ඒකකයේ ස්ථාපිත කර ඇති බවයි.

එමෙන්ම මන්කිපොක්ස් රෝගය හඳුනාගැනීමේ රසායනාගාර පරීක්ෂණවලින් කොළඹ වෛද්‍ය පර්යේෂණ මධ්‍යස්ථාන සමන්විත බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.