ජීවිත මරණ ගෙන එන තවත් උණ රෝගයක ව්‍යාප්තියක්

ආර්මේනියානු සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පළමු වරට West Nile නමැති උණ රෝගයක ව්‍යාප්තියක් සම්බන්ධයෙන් අනාවරණය කර තිබෙනවා.

ඒ අනුව එම උණ රෝගය හේතුවෙන් එක් පුද්ගලයෙකු මියගොස් තවත් සිව් දෙනෙකු බරපතළ තත්ත්වයේ පසුවන බවයි එරට සෞඛ්‍ය අංශය සඳහන් කර ඇත්තේ.

මදුරුවන්ගෙන් බෝවන රෝග තත්ත්වයක් වන මෙය ආර්මේනියාවේ ප්‍රදේශ කිහිපයකින්ම වාර්තා වී තිබෙනවා.

ඒ අනුව මේ වන විට එම රෝගය ආසාදනය වූ පුද්ගලයින් 58 දෙනෙකු වාර්තා වී ඇති අතර මෙම රෝගය වැඩිහිටියන්ට සහ නිදන්ගත හෝ දරුණු රෝගවලින් පෙළෙන පුද්ගලයින්ට අනතුරුදායක විය හැකි බවටයි සෞඛ්‍ය අංශ අනාවරණය කර ඇත්තේ.

එමෙන්ම West Nile නමැති උණ රෝගය පුද්ගලයින්ගේ ස්නායු පද්ධතිය සඳහා දැඩි බලපෑම් එල්ල කරන බව ද ඔවුන් පෙන්වා දී තිබෙනවා.

මෙම රෝග ව්‍යාප්තිය පාලනය සඳහා මෙතෙක් නිශ්චිත ප්‍රතිකාරයක් හෝ එන්නතක් සොයාගෙන නොමැති අතර සෘතුමය විපර්යාස හේතුවෙන් එම රෝගයේ ව්‍යාප්තියේ වෙනස්කම් දක්නට ලැබෙන බව්වයි සෞඛ්‍ය අංශ වැඩිදුරටත් අවධාරණය කර ඇත්තේ.