බන්දුල ලාල් මන්‍ත්‍රී ධුරයේ දිවුරුම් දෙයි

 බන්දුල ලාල් බණ්ඩාරිගොඩ 09 වැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙකු ලෙස කතානායකවරයා ඉදිරියේ අද (21) දිවුරුම් දුන්නේය.

 ඒ ගාල්ල දිස්ත්‍රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාරට සිය පාර්ලිමේන්තු අසුන අහිමි වීම හේතුවෙනි.

 මනුෂ නානායක්කාර සහ හරින් ප්‍රනාන්දු යන අමාත්‍යවරුන්ගේ පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට සමගි ජන බලවේගය ගනු ලැබූ තීරණය නිත්‍යානුකූල බව ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය 09 වනදා තීන්දු කළහ.