ධුරයෙන් ඉවත් වූ තලතා

තමන් පාර්ලිමේන්තු ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි තලතා අතුකෝරළ මහත්මිය පවසනවා.

අද (21) පාර්ලිමේන්තුව හමුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් ඇය මේ බව පැවසුවා.

මෙවර ජනාධිපතිවරණයට එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාත් එම පක්ෂයේ නියෝජ්‍ය නායකවරයා ලෙස සිටි සජිත් ප්‍රේමදාස මහතාත් පාර්ශ්ව දෙකකට බෙදී තරඟ කිරීම පිළිබඳ තමන් කණස්සල්ලට පත්ව සිටින බවයි ඇය පැවසුවේ.

රනිල් වික්‍රමසිංහ මහතා තමන්ට සහය ලබාදෙන ලෙස සජිත් ප්‍රේමදාස මහතාගෙන් කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීම පිළිබඳ තමන් කළකිරීමට පත්ව සිටින බවත් ඇය පැවසුවා.