රාජ්‍ය ඇමැති අශෝක ප්‍රියන්ත නාමල්ගෙන් ඉවත් වී රනිල් ළඟට

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාට සහාය දක්වන බවට මීට පෙර ප්‍රකාශ කර තිබූ ස්වදේශ කටයුතු රාජ්‍ය ඇමැති අශෝක ප්‍රියන්ත මහතා තම තීරණය වෙනස් කර ස්වාධීන අපේක්ෂකයකු ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීමට තීරණය කර තිබේ. ඒ මහතා ඊයේ (20) පෙරවරුවේ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැති සාකච්ඡාවකට සහභාගි වී ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් සහාය දැක්වීමට ගත් තම තීරණය ප්‍රකාශයට පත් කර ඇත.