මුදල් ආරවුලකට නැන්දණිය මැරූ නරුම බෑනා

ගලපිටමඩ ලෙවන්ගම ප්‍රදේශයේ නිවසකට පැමිණි පුද්ගලයෙකු කාන්තාවක් ඝාතනය කර තවත් කාන්තාවන් දෙදෙනෙකුට බරපතල තුවාල සිදුකර තිබෙනවා.

මියගිය කාන්තාව වයස අවුරුදු 55ක් වූ අතලවත්ත, ලෙවන්ගම ප්‍රදේශයේ පදිංචිකාරියක්.

මුදල් ආරවුලක් හේතුවෙන් සැකකරු, බිරිඳ හා බිරිඳගේ මව අතර බහින් බස්වීමක් සිදු කරගෙන ඇති අතර එහිදී සැකකරු විසින් බිරිඳගේ මවට ගලකින් පහරදීම හේතුවෙන් හිසට තුවාල සිදුව කරවනැල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම සැකකරුගේ බිරිඳ හා දියණිය තියුණු ආයුධයකින් පහරදී තුවාල සිදු කර ඇති බවද විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

මියගිය කාන්තාවගේ දේහය කරවනැල්ල රෝහලේ තැන්පත් කර ඇති බව සඳහන්.

සිද්ධිය සම්බන්ධයෙන් වයස අවුරුදු 44ක් වූ සැකකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඉදිරි විමර්ශන කටයුතු ගලපිටමඩ පොලීසිය විසින් සිදුකරනු ලබනවා.