මන්කිෆොක්ස් පාලනය කළ හැකියි -ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ප්‍රකාශයක්

වඳුරු උණ හෙවත් මන්කිෆොක්ස් රෝගය සාර්ථකව පාලනය කළ හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.

එය නව ආකාරයේ වසංගත ව්‍යාප්තියක් වන නමුත් කොවිඩ්-19 මෙන් සීඝ්‍ර ව්‍යාප්තියක් පෙන්නුම් නොකරනු ඇති බවයි එම සංවිධානයේ යුරෝපයේ කලාපීය අධ්‍යක්ෂ වෛද්‍ය හාන්ස් ක්ලූගේ ප්‍රකාශ කර ඇත්තේ.

ඒ අනුව මන්කිෆොක්ස් රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බව ඔහු සඳහන් කරනවා.

යුරෝපා කලාපය තුළ මන්කිෆොක්ස් රෝගීන් 100 දෙනෙකු පමණ මාසිකව වාර්තා වන බව සඳහන්.