රනිල්ගේ සහායට යන පොහොට්ටු මන්ත්‍රීන්ට නව දේශපාලන පක්ෂයක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනුවෙන් නව දේශපාලන පක්ෂයක් බිහිකිරීම සම්බන්ධයෙන් වූ විශේෂ සාකච්ඡාවක් අද (20) පවත්වා තිබෙනවා.

ඉදිරි ජනාධිපතිවරණයෙන් පසුව පැවැත්වෙන ඕනෑම මැතිවරණයකට මෙම නව දේශපාලන පක්ෂය හරහා අපේක්ෂකයින් ඉදිරිපත් කිරීමට එහිදී තීරණය කර ඇති බව සඳහන්.

අග්‍රාමාත්‍ය දිනේශ ගුණවර්ධන මහතාගේ සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම හමුව සඳහා රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කර සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 100 කට ආසන්න පිරිසක් සහභාගී වී ඇති බවයි වාර්තා වන්නේ.

නව දේශපාලන පක්ෂය සඳහා නම් කිරිපයක්ම එහිදී යෝජනා වී තිබෙනවා.

ඉදිරියේදී බිහිවන නව දේශපාලන පක්ෂය සඳහා ව්‍යවස්ථාව මේ වන විටත් සකස්කර ඇති බැවින් ඒ ව්‍යවස්ථාව අනුව ඉදිරියේදී කටයුතු කිරීමටද එහිදී මන්ත්‍රීවරු තීරණය කර ඇති බව සඳහන්.