පැමිණි බස් රියටම යටවී අවසන් ගමන් ගිය කත

අලදෙනිය , පුත්තලම මහනුවර මාර්ගයේ හැදෙණිය ගිරන්දෙණිය හන්දියේදී කාන්තාවක් බස් රථයෙන් බැස ඉදිරියට ගමන් කිරීමට යාමේදී එම බස් රථයේ ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරට ලක්වූ කාන්තාව කටුගස්තොට සිට කුරුණෑගල දෙසට ධාවනය වූ කුලී ගමනක් ගොස් නැවත පැමිණෙමින් තිබූ පුද්ගලික බස් රථයකින් බැස බස් රථයට ඉදිරියෙන් මාර්ගය හරහා ගමන් කිරීමට යාමේදී එම බස් රථයේ ගැටී ඇති බව සඳහන්.

අනතුරින් බරපතල තුවාල ලැබූ කාන්තාව තිත්තපජ්ජල රෝහලට ඇතුලත් කර වැඩිදුර ප්‍රතිකාර සඳහා මහනුවර රෝහලට මාරුකර යවා ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබෙනවා.

මියගිය කාන්තාව වයස අවුරුදු 67ක් වූ අරඹේකඩ, කුඹුරේගම ප්‍රදේශයේ පදිංචිකාරියක්.

මියගිය කාන්තාවගේ දේහය මහනුවර රෝහලේ තැන්පත් කර ඇති අතර අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන අලදෙනිය පොලිසිය සිදුකරන බව සඳහන්.