කුමාරි මුණසිංහගේ සහය සජිත්ට -සංවිධායක ධුරයකුත් හිමිවෙයි

අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතාගේ බිරිඳ වන ප්‍රවීණ රංගන ශිල්පිනී කුමාරි මුණසිංහ මහත්මියගේ සහය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට හිමිව තිබෙනවා.

ඇය අද (18) විපක්ෂ නායකවරයා හමුවී ඔහුට සහය පළ කිරීම සඳහා එක්වන බව ප්‍රකාශ කර ඇති බව සඳහන්.

අනතුරුව කුමාරි මුණසිංහ මහත්මියට ගම්පහ දිස්ත්‍රික් සංවිධායක ධුරයක් ද ලබාදී තිබෙනවා.