ශ්‍රී ලංකාවේ පලස්තීන තානාපති සහ කථානායකවරයා අතර හමුවක්

ශ්‍රී ලංකාවේ පලස්තීන තානාපති ආචාර්ය සුහයිර් එම්.එච් සෙයිඩ් මහතා හා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අතර හමුවක් පාර්ලිමේන්තුවේ දී පවත්වා තිබෙනවා.

මේ අවස්ථාව සඳහා පාර්ලිමේන්තු මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මියද එක්ව සිටි බව සඳහන්.

මෙම හමුවේදී කථානායකවරයා තානාපතිවරයාගෙන් පලස්තීනයේ වත්මන් තත්ත්වය පිළිබඳව විමසා ඇති අතර මෙහිදී අදහස් දක්වමින් පලස්තීන තානාපතිවරයා වර්තමානයේ පලස්තීනය මුහුණ දී සිටින ආර්ථික, සමාජීය සහ මානුෂීය ගැටලු පිළිබඳව දැනුවත් කර තිබෙනවා.

මෙහිදී දුෂ්කර අවස්ථාවන්හිදී පලස්තීනය වෙනුවෙන් සහයෝගය ලබාදුන් සියලුම ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් තානාපතිවරයා සිය කෘතඥතාව කථානායකවරයා වෙත පළ කර ඇති බව සඳහන්.

එමෙන්ම ශ්‍රී ලංකාවේ සේවය කළ කාලය තුළ, තමන් වෙත දැක්වූ සහයෝගය පිළිබඳව ශ්‍රී ලංකාවට ස්තුතිය පළ කළ තානාපතිවරයා දෙරට අතර ඓතිහාසික සබඳතා තවදුරටත් වර්ධනය කරගත යුතු බව අවධාරණය කළා.

ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ පවත්වා ජයග්‍රහණය කිරීමෙන් පෞද්ගලික ආයෝජන ගෙන්වා ගත හැකි බවද ඒ මහතා වැඩිදුරටත් පෙන්වාදී ඇති බව සඳහන්.

ශ්‍රී ලංකාව සහ පලස්තීනය අතර රාජ්‍ය තාන්ත්‍රික හා සංස්කෘතික සබඳතා ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකාවේ පලස්තීන තානාපති ආචාර්ය සුහයිර් මහතා දැක්වූ සහයෝගය පිළිබඳව කථානායකවරයාදැව සිය ප්‍රසාදය පළකර ඇති බවයි වාර්තා වන්නේ.