පාඨලීගේ සහාය සජිත්ට

ඉදිරි ජනා­ධි­ප­ති­ව­ර­ණ­යේදී සමගි ජන බල­වේ­ගයේ ජනා­ධි­පති ධුර අපේ­ක්ෂක සජිත් ප්‍රේම­දා­සට සහාය පළ කිරී­මට එක්සත් ජන­රජ පෙර­මුණේ නායක පාර්ලි­මේන්තු මන්ත්‍රි පාඨලී චම්පික රණ­වක මහතා තීර­ණය කර තිබේ.

පාර්ලි­මේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණ­වක මහ­තාගේ නාය­ක­ත්ව­යෙන් යුත් එක්සත් ජන­රජ පෙර­මුණ ඉදිරි ජනා­ධි­ප­ති­ව­ර­ණයේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේම­දාස මහ­තාට සහය පළ කර­මින් අදාළ ගිවි­සු­මට අත්සන් තැබීම තල­ව­තු­ගොඩ ග්‍රෑන්ඩ් මොනාක් හෝට­ලයේ ඊයේ (14) පැවැති උත්ස­ව­ය­කදී සිදු කෙරිණි.