අධි­ක­රණ ඇමැති ලෙස ජනා­ධි­පති නීතිඥ අලි සබ්රි රාජකාරි අර­ඹයි

අධි­ක­රණ, බන්ධ­නා­ගාර කට­යුතු හා ආණ්ඩු­ක්‍රම ව්‍යවස්ථා ප්‍රති­සං­ස්ක­රණ ඇමැති ධුර­යට පත් ජනා­ධි­පති නීතිඥ, අලි සබ්රි මහතා සිය ධුර­යෙහි රාජ­කාරි කට­යුතු නිල වශ­යෙන් ආරම්‍භ කිරීම පෙරේදා (13) අධි­ක­රණ අමා­ත්‍යාං­ශයේ‍දී සිදු කෙරිණි.

අන­තු­රුව අමා­ත්‍යාං­ශයේ නිල­ධා­රින් සමඟ පැවති සාක­ච්ඡා­වේදී අධි­ක­රණ අමා­ත්‍යාං­ශයේ කාර්ය­භා­රයේ ප්‍රග­තිය පිළි­බ­ඳව ඇමැ­ති­ව­රයා විම­සී­මක් කළේය. මේ වන විට අත­ර­මඟ නවතා දමා ඇති අධි­ක­රණ යටි­තල පහ­සු­කම් වැඩි­දි­යුණු කිරීම, නීති ප්‍රති­සං­ස්ක­රණ ක්‍රියා­ව­ලිය, ඩිජි­ට­ල්ක­රණ ව්‍යාපෘ­තිය සහ සංහි­ඳියා කාර්ය­භා­රය හා රස පරී­ක්ෂක දෙපා­ර්ත­මේ­න්තුවේ කට­යුතු යන අංශ­ව­ලට මූලි­ක­ත්වය දෙමින් ක්‍රියා කරන ආකා­රය පිළි­බ­ඳව එහිදී ඇමැ­ති­ව­රයා උප­දෙස් දෙන ලදි. කඩි­න­මින් අව­සන් කළ යුතු කාර්ය­භා­ර­ව­ලට මූලි­ක­ත්වය දෙමින් කට­යුතු කර­න්නැයි ද මෙහිදී ඇමැ­ති­ව­රයා අව­ධා­ර­ණය කළේය.

නඩු විස­ඳීම පම­ණක් නොව රටේ අනා­ග­තය තීර­ණය කිරී­මේදී අධි­ක­රණ අමා­ත්‍යාං­ශයේ කාර්ය­භා­රය වැද­ගත් වන බවත් 2020 වසරේ සිට අංශ පහක් ඔස්සේ අමා­ත්‍යාං­ශයේ කට­යුතු ඉදි­රි­යට ගෙන ගිය බවත් විශේ­ෂ­යෙන් ජාත්‍ය­න්තර ප්‍රජාව හා කට­යුතු කිරී­මේදී සංහි­ඳියා ක්‍රියා­ව­ලිය අති­ශ­යින් වැද­ගත් වන බවත් ඇමැ­ති­ව­රයා වැඩි­දු­ර­ටත් පැවැ­සීය.

අධි­ක­රණ හා බන්ධ­නා­ගාර කට­යුතු රාජ්‍ය ඇමැති නීතිඥ අනු­රාධ ජය­රත්න, අධි­ක­රණ අමා­ත්‍යාං­ශයේ ලේකම් නිහාල් රණ­සිංහ මහ­ත්ව­රුන් ඇතුළු අමා­ත්‍යාං­ශයේ හා අමා­ත්‍යාං­ශය යටතේ පව­තින ආය­ත­න­වල උසස් නිල­ධා­රීහු මේ අව­ස්ථා­වට එක්ව සිටි­යහ.