පාසල් දෙවැනි වාර නිවා­ඩුව හෙට

රජයේ පාසල් හා රජයේ අනු­මත පෞද්ග­ලික සිංහල හා දෙමළ පාසල් සඳහා 2024 වර්ෂයේ දෙවැනි පාසල් වාරය හෙට (16) අව­සන් කරන බව අධ්‍යා­පන අමා­ත්‍යාං­ශය දැනුම් දෙයි.

තෙවැනි පාසල් වාරයේ පළමු අදි­යර මෙම මස 26 වැනිදා ආරම්භ කරන බව ද අමා­ත්‍යාං­ශය ප්‍රකාශ කරයි.

2024 වර්ෂය සඳහා තෙවැනි පාසල් වාරය අදි­යර දෙක­කට පව­ත්වන අතර, එහි පළමු අදි­යර මේ මස 26 වැනිදා ආරම්භ කර නොවැ­ම්බර් මස 22 වැනි­දා­යින් අව­සන් කරයි.