තැපැල් ඡන්ද දැමීම සැප්. 4-5-6 දින­වල බැරි­වුණු අයට 11-12 දින­වල

2024 ජනා­ධි­ප­ති­ව­ර­ණ­යට අදාළ තැපැල් ඡන්ද ප්‍රකා­ශ­යට පත් කරන දින මැති­ව­රණ කොමි­සම මඟින් ඊයේ (14) ප්‍රකා­ශ­යට පත්ක­රනු ලැබීය.

ඒ අනුව තැපැල් ඡන්ද නිකුත් කිරීම හා තැපෑ­ලට භාර දීම ලබන 26 වැනිදා සිදු කරයි. තැපැල් ඡන්ද සල­කුණු කිරීම සඳහා දිස්ත්‍රික් ලේකම් කාර්යාල, මැති­ව­රණ කාර්යාල සහ පොලි­සිය සඳහා වෙන් කර ඇත්තේ සැප්තැ­ම්බර් 4 වැනිදා බව කොමි­සම නිවේ­ද­න­යක් නිකුත් කර­මින් සඳ­හන් කර ඇත. තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම සඳහා ඉල්ලා ඇති අනෙ­කුත් පාර්ශ්ව සඳහා තැපැල් ඡන්දය ප්‍රකාශ කිරී­මට සැප්තැ­ම්බර් 05 සහ 06 යන දින­යන් වෙන් කර තිබේ. සල­කුණු නොක­රන ලද තැපැල් ඡන්ද පත්‍රිකා සඳහා නැවත ලබා­දෙන ලකුණු කිරීම සඳහා සැප්තැ­ම්බර් මස 11 සහ 12 යන දින වෙන් කර ඇත.

2024 ජනා­ධි­ප­ති­ව­ර­ණය සැප්තැ­ම්බර් 21 වැනිදා පැවැ­ත්වී­මට නිය­මි­තය. තැපැල් ඡන්ද සඳහා අය­දු­ම්පත් භාර ගැනීම පසු­ගිය 09 වැනිදා අව­සන් කෙරුණි.