සීගිරිය තාවකාලිකව වැසේ

බඹර ප්‍රහාරයක් එල්ල වීම හේතුවෙන් දෙස් විදෙස් සංචාරකයින් සදහා සීගිරිය තාවකාලිකව වසා දමා තිබේ.

පොලිසිය සදහන් කළේ, අද දහවල් එල්ල වූ මෙම බඹර ප්‍රහාරය හේතුවෙන් විදේශිකයින් ද ඇතුලුව සංචාරකයින් 25 දෙනෙකු පමණ රෝහල් ගත කළ බවය.

කෙසේ වෙතත්, 08 දෙනෙකු හැර ඉතිරි පිරිස ප්‍රතිකාර ලබා මේ වන විට රෝහලෙන් පිටව ගොස් ඇති බව වාර්තා වේ.