සජිත්ගේ දෑත ශක්තිමත් කරන්න ගිය පාඨලී සහ තිලකරත්න ඩිල්ෂාන්

හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ සහාය මෙවර ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාට ලබාදීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව එක්සත් ජනරජ පෙරමුණ සමගි ජන සන්ධානය සමඟ එක්වීම අද (14) සිදුවුණා.

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක තිලකරත්න ඩිල්ෂාන් මහතාද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීමට එක්වූ බව සඳහන්.