බස්නාහිර පළාත් කරාටේ බාලක ශූරතාව තර්ස්ටන් විදුහලට

බණ්ඩාරගම ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවති බස්නාහිර පළාත් පාසල් කරටේ තරගාවලියේ බාලක ශූරතාව දිනා ගැනීමට කොළඹ තර්ස්ටන් විදුහල සමත් විය.

එහිදී තර්ස්ටන් විදුහල් ක්‍රීඩකයෝ රන් පදක්කම් 2ක්, රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් 4ක් දිනා ගත්හ.

ජයග්‍රාහී කණ්ඩායම, පසු පෙළ (වමේ සිට) – නායක දුල්වන් ජයරත්න, උපනායක අචල වික්‍රමසිංහ, ජනාධි නාරංගොඩ, වරුන් ඩයස් සමඟ ඉදිරි පෙළ (වමේ සිට) – ක්‍රීඩා පරිපාලක නිහාල් ජයලාල්, සහාකර විදුහල්පති සුසිල් ප්‍රේමරත්න, පුහුණුකරු මහේෂ් කුමාර සහ කරාතේ භාර ආචාර්ය අසංක වන්නිආරච්චි.