කැරලිකරුවන්ට දඬුවම් කළ යුතුයි -නිහඬතාවය බිඳිමින් හසීනා කරළියට

බලයෙන් පහ කළ බංග්ලාදේශ අගමැතිනි ෂෙයික් හසීනා, ඩකා නුවරින් පිටව ගිය පසු සිදුකළ අදහස් දැක්වීමකදී ප්‍රකාශ කර තිබෙන්නේ රටෙහි කැරලිකරුවන්ට දඬුවම් කළ යුතු බවට ඉල්ලා සිටින බවයි.

බංග්ලාදේශයේ නිර්මාතෘවරයා ද වූ තම පියා වන ෂෙයික් මුජිබර් රහ්මාන්ගේ ප්‍රතිමාව විනාශ කිරීම සම්බන්ධයෙන් ද ඇය යුක්තිය ඉල්ලා තිබෙන බව සඳහන්.

එමෙන්ම 1975 අගෝස්තු 15 වන දින තම පියා ඝාතනය කරන විට තමාට අහිමි වූ පවුලේ සාමාජිකයන් පිළිබඳව සිය පුත්‍රයා විසින් X ගිණුමේ තබා ඇති පිටු තුනක හැඟීම්බර ප්‍රකාශයක් සිහිපත් කළ බවද විදෙස් මාධ්‍ය අනාවරණය කරනවා.