හදිසියේ රැස්වූ ජගත් ආරක්ෂක මණ්ඩලය

ජගත් ආරක්ෂක මණ්ඩලය හදිසියේ රැස් වී තිබෙනවා.

ඒ, පලස්තීන ජාතිකයින් 100 දෙනෙකුට අධික පිරිසකට මරු කැඳවමින් ගාසා හි පිහිටි සරණාගත කඳවුරකට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරයෙන් අනතුරුවයි.

ගාසා තීරයේ යුදමය වාතාවරණය ආරම්භ වීමෙන් අනතුරුව ජගත් ආරක්ෂක මණ්ඩලයේ පැවැත්වෙන 24 වන විශේෂ සැසිවාරය මෙය වනවා.