ජනපතිවරණයට ඇප තැන්පත් කළ ගණන 36 දක්වා ඉහළට

මෙවර ජනාධිපතිවරණය සඳහා ඇප තැන්පත් කළ පිරිස 36 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව පිළිගත් දේශපාලන පක්ෂ 19ක් සහ වෙනත් දේශපාලන පක්ෂයක් මෙලෙස ඇප මුදල් තැන්පත් කර ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ.

එමෙන්ම ඡන්ද හිමියෙකු විසින් නාමයෝජනා කළ අපේක්ෂකයින් සංඛ්‍යාව 16ක් වන බව සඳහන්.