නාමල් සෙවනට ගිය ප්‍රේමලාල්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා යළිත් නාමල් රාජපක්ෂ මහතාට සහාය පළ කිරීමට තීරණය කර තිබෙනවා.

ඔහු අද (13) බත්තරමුල්ල නෙලුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පක්ෂ කාර්යාලයට පැමිණ නාමල් රාජපක්ෂ මහතාට සහාය පළ කර බව සඳහන්.