ජනපති සටනට දිලිත් ජයවීර ඇප තැන්පත් කරයි

සර්වජන බලය සංවිධානයේ ජනාධිපති අපේක්ෂක දිලිත් ජයවීර මහතා මීට සුළු වේලාවකට පෙර ඇප තැන්පත් කරනු ලැබුවා.

ඔහු මෙවර ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන්නේ සර්වජන බලවේගයේ සාමාජික පක්ෂයක් වන ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ මැතිවරණ ලාංඡනය යටතේයි.

මේ අවස්ථාවට සර්වජන බලය සංවිධානයේ නියෝජිතයින් කිහිපදෙනෙකු ද එක්වුණා.

මේ අතර ජන අරගල සන්ධානයේ මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන නීතිඥ නුවන් බෝපගේ මහතා වෙනුවෙන්ද අද (13) ඇප මුදල් තැන්පත් කෙරුණා.